අසාධ්‍ය තත්වයේ පසුවූ ධීවරයකු ප්‍රතිකාර සඳහා නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එයි

අගෝස්තු 04, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (අගෝස්තු 3) බරපතල ලෙස රෝගාතුර වී සිටි ධීවරයෙකු ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිම වෙත ගෙනැවිත් තිබේ.

බේරුවල පදිංචි 57 හැවිරිදි මෙම පුද්ගලයා ජුලි 29 වන දින ගාල්ල  ධීවර වරායෙන් ධිවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙන  'යසිරු පුතා' බහු දින ධීවර යාත්‍රාවේ සිට ඇත.

ගාල්ල සිට නාවික සැතපුම් 50 ක් පමණ ගිණිකොණ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී හෘදයාබාධයක් හේතුවෙන් රෝගී වී සිටි ධීවරයා පිලිබදව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසුව ඔවුන් විසින් කොළඹ නාවික හමුදා මූලස්ථානයේ සමුද්‍රිය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය  වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මූලික ප්‍රථමාධාර ලබා දෙමින් රෝගියා ආරක්ෂිතව ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර ඇත.