සාමකාමී මැතිවරණයක් සඳහා සියල්ල සූදානම් - ශ්‍රී ලංකා පොලිසිය

අගෝස්තු 04, 2020

සාධාරණ හා සාමකාමී මැතිවරණයක් සඳහා පොලිස් නිලධාරීන් 69,500 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න අද දින (අගෝස්තු 4) පැවසීය.

පොලිස් ජංගම ඒකක 3,000 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවද ඔහු defence.lk වෙත පැවසීය.

මැතිවරණය කටයුතු  උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා මහජනතාව වෙනුවෙන් 1933 කෙටි දුරකථන අංකය  ස්ථාපිත කර ඇති බව ඔහු පැවසීය.

“රට තුළ සාමකාමී මැතිවරණයක් සහ පශ්චාත් මැතිවරණ කාල පරිච්ඡේදයක් සහතික කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා,” ඔහු පැවසීය.