පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් සිදුකල කැණීම් කිරීමක් හාලි ඇල පොලිසිය වලක්වයි

අගෝස්තු 12, 2020

හාලි ඇල, උඩුවර ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරන බවට ලද තොරතුරක් අනුව හාලි ඇල පොලිසිය විසින් පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ සවස (අගෝස්තු 11) අත්අඩංගුවට ගෙන තිබේ.

පුජා භාණ්ඩ සහ කැණීම් උපකරණ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගත් වයස අවුරුදු 34 ත් 53 ත් අතර වයස්වල පසුවන දෙමෝදර සහ බද්දේගම පදිංචි මෙම සැකකරුවන් අද (අගෝස්තු 12) බදුල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හාලි ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.