නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

අගෝස්තු 13, 2020

වලස්මුල්ල, මැදගන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යමින් තිබු නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනය කල කුඩා කර්මාන්තශාලාවක් සහ නිෂ්පාදනය කර තිබු නීති විරෝධී ගිනි අවි, වෙඩි බෙහෙත්, ජීව උණ්ඩ   සහ ගිනි අවි සහ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ සමඟ එහි හිමිකරු ඊයේ (12) සවස විශේෂ කාර්ය  බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායට  ලැබුණු තොරතුරකට අනුව සිදු කල මෙම වැටලීමේදී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ටී කටස් වර්ගයේ ගිනි අවියක්, 7.62 x 39 mm ජීව පතුරොම් 06ක්, 9 x 19 mm ජීව පතුරොම් 02 ක්, SG වර්ගයේ ජීව පතුරොම් 03ක්,   7.62 x 39 mm හිස් පතුරොම් කොපු 03ක්, පෑස්සුම් යන්ත්‍රයක් සහ ගිනි අවි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 61 හැවිරිදි වලස්මුල්ල  ගල්කොලහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (13) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.