හෙරොයින් සමග සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට

අගෝස්තු 19, 2020

බස්නාහිර පළාතේ දෙමටගොඩ, පාදුක්ක සහ නිට්ටඹුව යන ප්‍රදේශවලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙකු අඟහරුවාදා දින (අගෝස්තු 18) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාදුක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ හෙරොයින් කිලෝග්‍රෑම් 1.1 ක් තිබූ බව පොලිසිය පවසයි.

පාදුක්ක පොලීසිය වෙත ලද තොරතුරක් මත අංගොඩ පදිංචි 49 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු කොළොන්නාව නගර සභාවේ වැඩ පරිපාලක වරයකු බව වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇත.