විශේෂ කාර්ය බලකාය හම්බන්තොට ප්‍රදේශයේ පර්චස් 30 ක ගංජා හේනක් වටලයි

අගෝස්තු 22, 2020

පොලිස් විශේෂ කාර්ය බලකාය හම්බන්තොට ප්‍රදේශයේ පර්චස් 30 ක නීතිවිරෝධී ගංජා වගාවක් ඊයේ දින (අගෝස්තු 21) වටලා තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව සිදුකරන ලද පළමු මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමයි.

වීරවිල ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ සහය ඇතිව සිදුකරන ලද ගුවන් නිරීක්‍ෂණයෙන් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

මෙම වැටලීමේදී 39 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Sinhala.