ශ්‍රී ලංකාව තුල සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළට

අගෝස්තු 23, 2020

අද දින (අගෝස්තු 23) ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවු කාන්තා මරණයත් සමඟ මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයට අනුව මෑතකදී ඉන්දියාවේ සිට පැමිණි කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වූ 47 හැවිරිදි කාන්තාවක් මෙසේ මියයාම නිසා මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇත.

ඇය පිළිකා සහ හෘද රෝගවලින් පසුවු අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මේ අතර, මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2,947 ක් වන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,798 දක්වා ඉහල ගොස් තිබේ.

ආසාදිතයින් 137 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරයි.

Sinhala.