ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්මික ශිල්පීන් පුද්ගලික ආරක්‍ෂක උපකරණ පරිත්‍යාග කරයි

අගෝස්තු 25, 2020

කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා වන ආරක්‍ෂක අමාත්‍යාංශ වැඩපිළිවෙලට සහාය වෙමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන්ගේ සංගමය (SAATA) විසින් අද දින (අගෝස්තු 25) ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගයක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පරිත්‍යාග කරන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති අසේල අමරසේකර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක, මානව සම්පත් ප්‍රධානී බුද්ධිකා මානගේ, විදේශ සබඳතා කළමණකරු උදේනි ධර්මදාස සහ SAATA හි විධායක කමිටු සාමාජිකයන් සහභාගී වුහ.