COVID-19 ඉටුකම අරමුදලට ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයෙන් රු. 250,000 ක්

අගෝස්තු 28, 2020

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ දායකත්වය වෙනුවෙන් සහය ලබා දීමක් වශයෙන් ජාතික අන්තරායකර  ඖෂධ පාලක  මණ්ඩලය විසින් COVID-19 ඉටුකම අරමුදලට රු. 250,000 ක මුදලක් අද (28) දින පරිත්‍යාග කළේය.

ජාතික අන්තරායකර  ඖෂධ පාලක  මණ්ඩලයේ සභාපති වෛද්‍ය ලක්නාත් වෙලගෙදර විසින් චෙක්පත ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී.
 
මෙම අවස්ථාවට සහකාර අධ්‍යක්ෂ (මුදල්) සජානි කළුබෝවිල, සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) පබසරා  වීරසිංහ සහ පර්යේෂණ නිලධාරී ඒ. ටී දර්ශන යන අය සහභාගී වූහ.