කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 2842 දක්වා ඉහළට

අගෝස්තු 29, 2020

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද දින නිකුත් කරන ලද වාර්තාවට අනුව, පසුගිය පැය 24 තුළ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය පුද්ගලයින් 12 දෙනෙකුද සමඟ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු රෝගීන් සංඛ්‍යාව 2,842 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයට අනුව වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලැබූ   10 දෙනෙකු සහ මිනුවන්ගොඩ  රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙදෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇත.

මේ අතර, ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ආසාදිතයින් 2,989 ක් වාර්තා වී ඇති අතර මෙරට තුල මියගිය රෝගීන් සංඛ්‍යාව 12 දෙනෙකි.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 118 දෙනෙකු රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.