හෙරොයින් සහ මුදල් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට

අගෝස්තු 29, 2020

රු. 466,100 ක් සහ ග්‍රෑම් 6 ක් සහ මිලිග්‍රෑම් 70 ක් බරැති හෙරොයින් සමඟ සැකකාරියන්  දෙදෙනෙකු ඊයේ (28) මීටියාගොඩේදී පොලීසිය විසින් අත්අඩංගුවේ ගෙන ඇත.

මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලීසියට ලැබුණු  තොරතුරු අනුව වන අතර වයස අවුරුදු 20 සහ 61 හැවිරිදි සැකකාරියන්  කළුපේ සහ හික්කඩුවේ  පදිංචිකාරියන් වේ .

ඔවුන් අද (අගෝස්තු 29) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.

මීටියාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.