නීතිවිරෝධී ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

අගෝස්තු 29, 2020

පොලිසියට ලැබුණු තොරතුරුවලට අනුව ඊයේ (28) සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ දේශීය නිෂ්පාදිත ගිනි අවියක් සහ විදේශ රටක නිෂ්පාදිත බෝර 12 කින් යුත් ගිනි අවියක් යක්කලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 32 සහ 45 හැවිරිදි දෙහිගහහේන  සහ ගල්කන්ද යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් ගාල්ල  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

යක්කලමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.