කල්පිටියේ දී වියළි කහ කිලෝග්‍රෑම් 1,428 ක් නාවික හමුදා අත්අඩංගුවට

අගෝස්තු 30, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  ඊයේ (අගෝස්තු 30) දින කල්පිටියේදී ප්‍රවාහනය කරමින් සිටි කහ කිලෝ 1,428 ක් සහිත වාහන දෙකක්, සැකකරුවන් හය දෙනෙකු සහ ඩිංගි බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටියේ තොරෙයිඅඩි ජැටිය හරහා කහ තොගය රටතුලට  ප්‍රවාහනය කර ඇති බවට නාවික හමුදාව  සැක කරයි.

කල්පිටිය හා  කොටියාකුඹුර ප්‍රදේශයන් හි  පදිංචි වයස අවුරුදු 20 ත් 44 ත් අතර වන සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කල්පිටිය පොලිසියට භාර දී තිබේ.

කහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නොරෝච්චෝලය  සහ කල්පිටිය වෙල්ල දූපතේ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.