ගුවන් හමුදාව, නාවික හමුදාව සහ විශේෂ කාර්යය බලකා එක්ව මුතුරාජවේල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගරයක් වටලයි

අගෝස්තු 31, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව  සහ විශේෂ කාර්ය බලකාය එක්ව අගෝස්තු 28 වන දින මුතුරාජවේල පවත්වාගෙනගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක්වටලා තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේබෙල් 212 හෙලිකොප්ටර් ගුවන් නිරීක්ෂණ කණ්ඩායම විසින් මුතුරාජවෙල පවත්වාගෙනගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යත්‍රා බලඝණය ඔවුන්ගේ බෝට්ටු හා විශේෂ කාර්ය බලකාය සමඟ එම ස්ථානයටගොස්  නීතිවිරෝධී මෙහෙයුම නතර කළේය.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බලකායවිසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ