ගිනි ගැනීමකට ලක්ව ඇති තෙල් නෞකාවක සහායට නාවික සහ ගුවන් හමුදා විසින් නැව් සහ ගුවන් යානා යොදවයි

සැප්තැම්බර් 03, 2020

මීට සුලු  වේලාවකට පෙර සංගමන් කන්ද තුඩුවේ  සිට නාවික සැතපුම් 38 ක් ඈතින් වූ මුහුදේ දී ගිනිගෙන ඇති විදේශීය තෙල්  නෞකාවකට ඇති වූ ගින්නක් නිවීමට  සහාය වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව   නැව් දෙකක් සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා ඇති බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා  පැවසීය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ නැවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති බවත්, යානයේ සිටි කාර්ය මණ්ඩලයට මෙතෙක් කිසිදු හානියක් වාර්තා වී නොමැති බවත්ය.

තෙල් නෞකාවට ආසන්නයේ ගමන් කරමින් තිබූ නැවක් විසින්  ලබා දුන් අනතුරු සංඥා වලින්  පසුව කඩිනමින් නාවික හමුදාව විසින් යාත්‍රා යොදවා ඇත.

ගින්න නිවිම සඳහා නාවික හමුදාවේ  උත්සහාය සඳහා සහය වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බීච් ක්‍රාෆ්ට් යානය නිරීක්ෂණ කටයුතු  සඳහා යොදවා ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා එම්අයි -17 හෙලිකොප්ටර් යානය ගිනි නිවිමේ උපකරණ  සමඟ සූදානම් කර ඇති  බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන්  දුෂාන් විජේසිංහ පැවසීය.