නීති විරෝධී වියළි කහ කිලෝග්‍රෑම් 815 නාවික හමුදා භාරයට

සැප්තැම්බර් 06, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (6) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නීති විරෝධී වියළි කහ කිලෝග්‍රෑම් 815 ක් අත්අඩංගුවට ගනු ලැබීය.
 
සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 24 ත් 31 ත් අතර කල්පිටියේ පදිංචිකරුවන් වන අතර වියළි කහ තොග ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කළ සැහැල්ලු ට්‍රක් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
 
වැඩිදුර පරීක්‍ෂණ සඳහා සැකකරුවන් කල්පිටිය  පොලිසියට භාර දී තිබේ.

Sinhala.