රත්‍රන් කිලෝ 10 ක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

සැප්තැම්බර් 08, 2020

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රත්‍රන් බිස්කට් කිලෝ 10 ක ප්‍රමාණයක් අද (සැප්තැම්බර් 8) අලුයම 3.00 ට පමණ පුත්තලම විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

රත්‍රන් ජාවාරම පිළිබඳව ලද තොරතුරකට අනුව පාලවිය - කල්පිටිය මාර්ගයේ පාලන්තුඩාව හන්දියේදී කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකටයුතු වාහනය සෝදිසි කිරීමේදී එහි ආසනය යට සුක්ෂමව සඟවා තිබු රත්‍රන් කැබලි සොයාගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකාය මෙම සිදුවීම පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.