‘හෙළ සරණ’ ශ්‍රී ලංකා ඊශ්‍රායල සංවිධානය විසින් විෂබීජ නාශක දියර කෑන් 50 ක් පරිත්‍යාග කරයි

සැප්තැම්බර් 10, 2020

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් විසින් පිහිටුවන ලද ‘හෙළ සරණ’ ශ්‍රී ලංකා ඊශ්‍රායල සංවිධානය විසින් රු. 100,000 ක් වටිනා විෂබීජ නාශක දියර කෑන් 50ක්  ඊයේ (9) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත පරිත්‍යාග කළේය.

සංවිධානයේ සභාපති සුදම් දාස් ද සිල්වා වෙනුවෙන් සංවිධානයේ සම්බන්ධීකාරක ශාන්ත අමරසේන සහ සාමාජිකා මනෝජා වික්‍රමරත්න අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම පරිත්‍යාගය සිදු කරන ලදි.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය දරන උත්සාහයට සහය දැක්වීම සඳහා ‘හෙළ රණවිරු බළමුළුව’ හරහා මෙම පරිත්‍යාගය සිදු කළ බව සරෝජා වික්‍රමරත්න defence.lk වෙත පැවසීය.