ලාන්ස් කෝප්‍රල් අබේකෝන් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවයි

සැප්තැම්බර් 10, 2020

ලාන්ස් කෝප්‍රල් යුපුන් අබේකෝන් සැප්තැම්බර් 8 වනදා ජර්මනියේ ඩෙසෝ හි පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟයකදී නව වාර්තාවක් (තත්පර 10.16) පිහිටුවමින් මීටර 100 ජාතික වාර්තාවද බිඳ දමා ඇති බව යුද හමුදාව පවසයි.

2015 දී දකුණු කොරියාවේ පැවති 7 වන ලෝක ආරක්‍ෂක සේවා මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 4 x 400 සහය දිවීමේ ඉසව්ව සඳහා ඉදිරිපත් වූ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අබේකෝන් එම ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනා ඇත.

ඔහු ජාතික හා යුද හමුදා මලල ක්‍රීඩා සංචිතයන්වල සාමාජිකයෙකි.