ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය ආරක‍්ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 11, 2020

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතිනිය ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) අද දින (සැප්තැම්බර් 11) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

කොරෝනා වෛරසය රට තුළ පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහය තානාපතිනියගේ පැසසුමට ලක් විය.

MT New Diamond නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගත් ඵලදායී ක්‍රියාමාර්ග පිළිබඳවද ඇය ප්‍රශංසා කළාය.

තවද, අන්තර් ජාතික අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, ඒවා වැළැක්වීම සහ අවශ්‍ය පුහුණුවීම් සම්බන්ධ කරුණු පිළිබඳවද එම හමුවේදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ආරක්ෂක උපදේශක ලුතිතන් කර්නල් ට්‍රැවිස් කොක්ස් (Lt. Col. Travis Cox) සහ දේශපාලන අංශ නියෝජ්‍ය ප්‍රධානී මාර්කස් කාපෙන්ටර් (Marcus Carpenter) ද සහභාගී වූහ.