වෙරළාරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාම යයි

සැප්තැම්බර් 29, 2020

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (සැප්තැම්බර් 29) දින අමාත්‍යාංශයේ දී හමුවිය.

මෙම හමුවේදී විශ්‍රාම යන ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ  සේවය පැසසුමට ලක් කළ ආරක්ෂක ලේකම්වරයා, ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු සිහිවටන හුවමාරුවක්ද සිදු විය.