ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හට පත්වීම් ලිපිය ප්‍රදානය කෙරේ

සැප්තැම්බර් 29, 2020

සැප්තැම්බර් 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ 7 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොමදෝරු අනුර ඒකනායක මහතා පත් කර තිබේ.

කොමදෝරු ඒකනායක සිය පත්වීමේ ලිපිය ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ සුරතින්  ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (සැප්තැම්බර් 29) දින  ලබා ගත්තේය.

රියර් අද්මිරාල් සමන්ත විමලතුංග ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව  කොමදෝරු ඒකනායක නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් කරන ලදී.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත්වීමට පෙර ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ව්‍යාපෘති හා සැලසුම් අධ්‍යක්ෂ ලෙස සේවය කර ඇත.