තවත් ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය

ඔක්තෝම්බර් 07, 2020

වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ සහ කැළණිය පොලිස් කොට්ඨාශවල  පහත සඳහන් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි :

ගම්පහ පොලිස් කොට්ඨාශය

ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලවෙල සහ  යක්කල

කැළණිය පොලිස් කොට්ඨාශය

ජා-ඇල සහ  කඳාන

මීගමුව පොලිස් කොට්ඨාශය

සීදූව

මෙය මීට පෙර ගම්පහ  දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ  පොලිස් බල ප්‍රදේශවල ක්‍රියාත්මක කරන ලද නිරෝධායන ඇඳිරි නීතියට අමතරව වේ.