රෝහල් ගත කර සිටි 537 දෙනෙකු පිටත්ව යයි

නොවැම්බර් 08, 2020

පසුගිය පැය 24 තුළ වෛරසය ආසාධිත 449 ක් හඳුනාගෙන ඇති බවට කොවිඩ්-19  පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කළේය. ඔවුන් අතරින් 445 දෙනෙකු මෙරට පුද්ගලයින් වන අතර, 04 දෙනෙකු විදේශගතව  සිට මෙරටට පැමිණි අය වේ.

අද වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු වලින් වාර්තා වී ඇති කොවිඩ්-19  ආසාධිත රෝගීන් සංඛ්‍යාව 9,941 කි. ඔවුන්ගෙන් 1,041 ක් කර්මාන්තශාලා සේවකයින් වන අතර, පෑලියගොඩ මාළු වෙළඳ පොලෙන් පුද්ගලයන් 1,007 ක් සහ තවත් 7,893 ක් ඔවුන්ගේ සම්බන්ධතා ඇති අය බව ක්‍රියාන්විත මධ්‍යස්ථානය සනාථ කලේය.

මේ අතර, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 412 ක් සම්පූර්ණ සුවය ලබා ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන් 3,887 ක් ද රෝහල් වලින් නිදහස් කර ඇති බව  ක්‍රියාන්විත මධ්‍යස්ථානය සනාථ කලේය.

Sinhala.