නාවික හමුදාව විසින් වියළි කහ කිලෝ 5711ක් අත්අඩංගුවට ගනී

නොවැම්බර් 08, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන ඒමට තැත්කල වියලි කහ කිලෝ 5711 ක් සමග සැකකරුවන් 6 දෙනෙකු නොවැම්බර් 06 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු තිබේ.

ඒ අනුව, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් පිහිටි ජාත්‍යන්තර සමුද්‍රීය මායිම් දී (IMBL) මෙරට යාත්‍රාවක් වෙත පටවමින් තිබූ වියළි කහ මළු 78 ක අසුරන ලද කිලෝග්‍රෑම් 3218 ක ප්‍රමාණයක්, වයඹ දිග නාවික විධානය විසින් මෙහෙයවන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ විදේශිකයන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

වියළි කහ කිලෝග්‍රෑම් 1256 ක් මොහොත්තුවරම් වෙතින් ද, කල්පිටියේ තුඩුව ප්‍රදේශයෙන් කිලෝ 1237 ක් ද සඟවා තිබියදී සොයාගන්නා ලදි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 26 සහ 28 වේ.

එමෙන්ම පවතින වසංගත තත්වය හේතුවෙන් නාවික හමුදා භාරයට ගත් විදේශීය ජාතිකයින් සහ එම යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට පිටුවහල් කිරීමට තවදුරටත් කටයුතු කල බව නාවික හමුදාව පවසයි.

ඉහත සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට පරීක්‍ෂණ පවත්වන බවත්, සැකකරුවන් සමඟ භාණ්ඩ නීතිමය කටයුතු සඳහා අදාල පොලිස් බලධාරීන්ට භාරදී ඇති බවත් නාවික හමුදාව පැවසීය

Sinhala.