logo

ශ්‍රී ලංකාවට ඉන්දියානු සාගරය ‌තුළ මීට පෙර නොවූ ලෙස විශාල කාර්යභාරයක් සිදුකිරීමට පැවරී තිබෙනවා - ආරක්‍ෂක ලේකම්

නොවැම්බර් 24, 2020

.

 

  •          MT නිව් ඩයමන්ඩ් නෞකා සිද්ධිය මෙයට කදිම උදාහරණයක් සපයයි
  •          තීරණ ගන්නන්ට පහසුකම් සැලසීම සඳහා ජාතික පර්යේෂණ ආයතන            
  •          ආර්ථික අවශ්‍යතා හේතුවෙන් පාරිසරික ආරක්ෂාව නොසලකා හැර ඇත   

'නැගෙනහිර' සහ 'බටහිර' සම්බන්ධ කරන වැදගත් 'සන්නිවේදන මුහුදු මාර්ගයන් භාවිතා කර ගන්නා  ඉන්දියන් සාගරය සප්ත මුහුදු දොරටුව වශයෙන් සැලකේ යැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අවධාරණය කරමින් කියා සිටියේ මෙම උපායමාර්ගික සාගරයේ කොටසක්වීම, පැහැදිලිවම වෙන කවරදාකටත් වඩා ඉන්දියානු සාගරයේ විශාල කාර්යභාරයක් ඉටුකල හැකි බවයි. 

“ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්‍ෂාවට එරෙහි තර්ජන නැවත අර්ථ දැක්වීම සඳහා එහි උපායමාර්ගික වැදගත්කම ඉන්දියානු සාගරයේ නැගී එන තර්ජන හා අභියෝගවලට වඩා වෙනස් විය යුතුය” යන්න එක්සත් ජනපද නාවික නිලධාරියෙකු සහ ඉතිහාසඥයෙකු වන ඇල්ෆ්‍රඩ් තයර් මහන්ගේ සුප්‍රසිද්ධ කියමනක් උපුටා දක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළේය.
 
‘MT නිව් ඩයමන්ඩ්’ නෞකාව සම්බන්ධයෙන් මෑතකදී සිදුවූ සිද්ධිය සිහිපත් කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා කියා සිටියේ සාගර අවකාශයේ ආරක්‍ෂාව සහතික කිරීම පිළිබඳ අපගේ වගකීම නැවත අර්ථ දැක්වීම සඳහා මෙම සිදුවීම අපූරු නිදසුනක් බවයි.
 
අද (නොවැ: 24) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති ‘Colombo Conclave 2020’ ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණී ආරක්‍ෂක ලේකම්වරයා මූලාසන දේශණය පවත්වමින් මේ බව ප්‍රකාශ කළේය.
 
‘Colombo Conclave 2020’ ජාතික සමුළුව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ යටතේ ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය මගින් සංවිධානය කරන ලදි.
 
ජාතික ආරක්‍ෂාවට වන තර්ජන නැවත අර්ථ දැක්වීම,සෞඛ්‍ය සම්පන්න වෛද්‍ය අනාවරණය සඳහා තිරසාර බව හඳුනා ගැනීම’ සහ ‘හරිත හෙට දවසක් සඳහා පාරිසරික වගකීම’ මෙම සැසිවාරයේ උප තේමාවන් ත්‍රිත්වය වන්නේය.
 
ජාතික ආරක්‍ෂක අංශ සම්බන්ධයෙන් වැදගත්කමක් දරමින් පර්යේෂකයන්ට, ශාස්ත්‍රඥයින්ට, හිටපු නිලධාරීන්ට සහ රටේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයින්ට ප්‍රතිපත්තිමය ගැටළු විසඳීමේ සංවාද වල නිරත වීමට මාර්ගයක් සැකසීමට මෙම දැවැන්ත උත්සාහය සැලසුම් කර ඇත.
 
සම්මන්ත්‍රණයේ තේමාව පිළිබඳව අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ “උප තේමාවන් තුනක් කෙරෙහි ක්‍රමානුකූලව අවධානය යොමු කර පැවති මෙම සම්මන්ත්‍රණයේ වැදගත්කම  අවධාරණය වැඩි කිරීමට හැකියාව ඇති කාලීන මාතෘකාවක්” යන්නයි.
 
ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේ, “මෙම සම්මේලනය ආගමික අන්තවාදය නැති කිරීම, රැඩිකල්කරණය සහ ඉන් මිදීම මෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම සහ ඊට එරෙහිව සටන් කළ හැකි මාර්ග හඳුනා ගැනීමක් පිළිබඳ අවබෝධයක් ලබා දෙනු ඇති බව” යන්නයි.
 
තවද, ධීවර, සමුද්‍ර දූෂණය, සෙවීම් සහ මුදාගැනීම්, තෙල් හා රසායනික කාන්දුවීම, මුහුදු ආක්‍රමණ වලට ප්‍රතිචාර දැක්වීම, නීතිවිරෝධී සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම සහ සමුද්‍ර ජීවීන් ආරක්‍ෂා කිරීම යනාදිය මගින් පැන නගින කරුණු කාරණා පිළිබඳව අවධානයෙන් සිටීමට සිදුව ඇති බවයි.
 
සෞඛ්‍ය ආරක්‍ෂණයේ නොසැලකිලිමත්කමේ ප්‍රතිවිපාක කෙතරම් කටුකද යන්න කොරෝනා වෛරසය අපට මතක් කර දී ඇති බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ, “සෞඛ්‍ය සුරක්‍ෂිතතාවයේ ඉදිරි දර්ශනය තුළ කොවිඩ්-19 හි ගෝලීය වසංගතය ලොව පුරා ශක්තිමත්ම ජාතීන්ගේ ස්ථාවරත්වයට තර්ජනයක් ඇති බවයි.
 
අනපේක්ෂිත සෞඛ්‍ය බිඳවැටීම් වලට මුහුණදීමට ජාතික මට්ටමේ සූදානම සහ ගෝලීය සංවිධානවල විසඳුම් මත පමණක් රඳා පැවතීමේ අවදානම එහිදී පැහැදිලිව නිරූපණය වේ.
 
වෛරසයේ ආරම්භක අවධියේ සිට සාර්ථකව මර්ධනය කිරීම පිළිබඳව සඳහන් කරමින් ඔහු කියා සිටියේ අනපේක්‍ෂිත තර්ජන වලට ප්‍රතිචාර දැක්වීමේ ආදර්ශමත් හැකියාව රට විසින් පෙන්නුම් කර ඇති බවත්, වෘත්තිකයන් වඩාත් ඵලදායී ක්‍රමවේද යොදා ගනිමින් කටයුතු කරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව සනාථ කරන බවත්ය.
 
කෙසේ වෙතත්, වසංගත තත්ත්වය පුරවැසියන්ගේ ජීවිතවලට බලපානවා පමණක් නොව, රටට බහුවිධ වශයෙන් හානි පමුණුවනු ඇති බැවින් සෑම ක්ෂේත්‍රයකම වෘත්තිකයන් අතර ශක්තිමත් සහයෝගීතාවයක් අත්‍යාවශ්‍ය වේ.
 
මේජර් ජෙනරාල් ගුණරත්න අවධාරණය කළේ, “විශ්ලේෂණාත්මක හා නිවැරදි උපකල්පන මත පදනම්ව නිවැරදි විසඳුම් ලබාදෙමින් තීරණ ගන්නන්ට පහසුකම් සැලසීම සඳහා ‘ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය’ වැනි ජාතික පර්යේෂණ ආයතන මගින් ඉටුකිරීමට වැදගත් කාර්යභාරයක් පැවරෙන බවයි”.
 
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික ආරක්‍ෂක ආයතනය ලෙස, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය  විසින් සිදුකරන ලද විශ්ලේෂණාත්මක ආරක්‍ෂක අධ්‍යයනයන්, නවීන ආරක්‍ෂණ සංවර්ධනයන් හඳුනා ගැනීම සහ ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය වැදගත් තොරතුරු සැපයීම සඳහා මූලික වී තිබේ.
                                                                                                     
රටක ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සහතික කිරීම සඳහා වන ප්‍රමුඛතම ඉල්ලීම ජාතික ආරක්‍ෂාව බව පෙන්වා දෙමින් ආරක්‍ෂක ලේකම්වරයා පවසා සිටියේ, ජාතික ආරක්‍ෂාව යටතට රටේ පුරවැසියන්, ආර්ථිකය සහ එහි සියලුම ආයතන අයත් වන බවත් එය රජයක ප්‍රධාන යුතුකම ලෙස සලකන බවත්ය.
 
“එබැවින්, ජාතික රාජ්‍යයක ආරක්ෂාව සුරැකීම කිරීම සඳහා දේශපාලන, ආර්ථික හා හමුදා  බලය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඇතුළු විවිධ ක්‍රියාමාර්ග මත රජයන් විශ්වාසය තබයි” යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.
 
ජනාධිපති තුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රථිපත්තියේ ප්‍රධාන අරමුණු අතර, ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාව ජාතික ආරක්‍ෂාවට නව වැදගත්කමක් ලබාදී ඇති බව සඳහන් කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා කියා සිටියේ සෞඛ්‍ය, ආහාර, පාරිසරික හා සමුද්‍රීය ආරක්‍ෂාව ඇතුලු ජාතික ආරක්‍ෂාවට අයත් වන ක්ෂේත්‍රයන් ආමන්ත්‍රණය කිරීමට සහ සම්ප්‍රදායික නොවන තර්ජන පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට මෙම සමුළුව කදිම අවස්ථාවක් සපයන බව පැවසීය.
 
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, සිදුවිය හැකි න්‍යෂ්ටික බිඳවැටීම් සහ ඒවායේ ප්‍රතිවිපාක තුල ගෝලීය සුරක්‍ෂිතතාවයේ වර්තමාන පාරිසරික මානයන් කෙරෙහි අවධානය යොමු කරමින් ඔහු පැවසුවේ මෑතදී, පාරිසරික ආරක්‍ෂාව වඩා වැඩියෙන් දැඩි දේශගුණික විපර්යාස, විමෝචන අවම කිරීමේ පියවරහි සීමිත ඵලදායීතාවය සහ පාරිසරික විපර්යාසයන්ට අනුවර්තනය වීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
 
විශ්ලේෂණය හා පර්යේෂණ සඳහා ප්‍රමිතිගත යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් අපැහැදිලි වූ පාරිසරික තත්ත්වයන් සහ ජාතික ආරක්‍ෂාව අතර සංයෝජනය උපුටා දක්වමින් ඔහු මෙසේ පැවසීය. “ශතවර්ෂ ගණනාවක් තිස්සේ ආර්ථික අවශ්‍යතාවයන් මත පාරිසරික ආරක්‍ෂාව නොසලකා හැර ඇති අතර එහි ප්‍රතිවිපාකවලට අපගේ අනාගත පරම්පරාවන්ට ද මුහුණදීමට සිදුවනු ඇති” බවයි.
 
වැඩසටහනේ ආරම්භයේදීම විදේශ අමාත්‍යාංශ ලේකම් හා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් පිළිගැනීමේ දේශණය පැවැත්වීය.
 
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා අද්මිරාල් මහාචාර්ය කොළඹගේ මහතා ආරක්‍ෂක ලේකම් වෙත සමරු සිහිවටනයක් ද ප්‍රදානය කරන ලදි.
 
පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපති වරුන්, පොලිස්පති, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ජාතික බුද්ධි අංශ ප්‍රධානී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, විශේෂ කාර්ය බලකා සේනාවිධායක, වෘත්තීයවේදීන්, අමාත්‍යාංශ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මෙම සමුළුවට සහභාගී වුහ.