ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන් 17,559 ක් දක්වා ඉහළට - කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය

දෙසැම්බර් 01, 2020

අද (දෙසැම්බර් 01) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 503 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23,986 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

හඳුනාගත් ආසාදිතයින් අතුරින් 06 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර,  147 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද , 130  ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්  සහ  41  ක් මහනුවර  දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් අය බව අද (දෙසැම්බර් 01) දින  කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කළේය .

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 20,438 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 14,152 ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ දින (30) PCR පරීක්‍ෂණ 12,031 ක් සිදුකර ඇති අතර අද (01)  උදෑසන 06.00 න්  අවසන් වූ පැය 24 තුළදී 558 දෙනෙකු වෛරසයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර, කටාර්හි  සිට පුද්ගලයින් 95 ක්, අබුඩාබි සිට පුද්ගලයින් 49 දෙනෙකු සහ ජර්මනියේ  සිට 05 දෙනෙකු  ඇතුළුව 149 දෙනෙකු මෙරටට අද උදෑසන පැමිණ ඇති අතර, ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරේ.

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන්ගේ  මුළු ගණන 17,559 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ත්‍රිවිධ හමුදා මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 58 ක පුද්ගලයින් 6,204 ක් හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ කොරෝනා මරණ 02 සමඟ රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ ගොස් තිබේ.