සුළි කුණාටුවක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේන් අනතුරු ඇඟවීම්

දෙසැම්බර් 01, 2020

ගිනිකොණදිග බෙංගාල බොක්කෙහි  පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බවත්, අද (දෙසැම්බර්01) උදෑසන 05.30 වනවිට එය  ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 530 ක් දුරින් කේන්ද්‍රගත වී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඉදිරි පැය 24 තුළ එය සුළි කුණාටුවක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ. තවද, මෙම පද්ධතිය බදාදා (දෙසැම්බර් 02) සවස/රාත්‍රිය වන විට මඩකලපුව සහ පේදුරුතුඩුව  අතර බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එහි සඳහන් වේ.