කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය නර්තන සමාජය සහ සංගීත සමාජය ශූරතා දිනා ගනී

දෙසැම්බර් 06, 2022

පසුගියදා ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනයේ (APIIT) ශිෂ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද 'TANTALIZE-2022' අන්තර් විශ්වවිද්‍යාල කුසලතා තරඟාවලියේ කාණ්ඩ තුනක ශූරයන් බවට ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නර්තන සමාජය සහ සංගීත සමාජය සමත් විය.

තරඟාවලිය කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

ඔවුන්ගේ නර්තන සමාජය ඒකල සහ සමූහ නර්තන අංශයෙන් ප්‍රථම ස්ථාන දිනාගත් අතර සංගීත සමාජය ගායන අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිෙබන බව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පවසයි.‍