නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 08, 2022

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය අද (දෙසැම්බර් 08) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

එම අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම් සහ යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා සුහද කතාබහක නිරත වූහ.

ඉන් අනතුරුව ජෙනරල් ගුණරත්න විසින් මේජර් ජෙනරල් වීරසූරිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර ඔහුගේ නව පත්වීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළේය.

මේජර් ජෙනරල් වීරසූරිය ශ්‍රී ලංකා යුද හමුදාවේ 61 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස 2022 නොවැම්බර් 29 වැනි දින පත් කරන ලදී.