ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS DELHI’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරායට සේන්දු වෙයි

ජනවාරී 16, 2023

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘දිල්ලි’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) ත්‍රිකුණාමල වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ෂිරාස් හුසේන් අසාද් සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර අතර නිල හමුවක් අද (ජනවාරි 16) නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදුකිරීමට නියමිතව ඇත.

මෙම නෞකාව දිගින් මීටර් 163.2 ක් හා නැව් මුළුව 390 ක ගෙන් සමන්විත වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

‘INS DELHI’ නෞකාව සිය නිල සංචාරය නිමාකරමින් ජනවාරි 17 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.