බීඩි කොළ කිලෝ 2,467ක් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට

ජනවාරී 18, 2023

බීඩි කොළ කිලෝ 2,467 ක් සමඟ ඩිංගි බෝට්ටු තුනක් සහ සැකකරුවන් දෙදෙනෙකු අද (ජනවාරි 18) හලාවත තොඩුවාව ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදු තීරයේදී ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

නීතිවිරෝධී ලෙස ගෙන ආ මෙම බීඩි කොළ තොගය තොඩුවාව පාලම අසලදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වෙන වෙනම ඇසුරුම් 76ක තිබී සොයා ගත් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය. 

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු බුද්ධි අංශ හරහා ලැබුණු තොරතුරු මත අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පිටිපන සහ මීගමුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 29 සහ 42 යන වයස්වල පසුවන පුද්ගලයන් වන අතර ඔවුන් ඉදිරි විමර්ශන සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාර දෙන බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.