ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂක ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

ජනවාරී 25, 2023

ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (ජනවාරි 25) කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේදී හමුවිය.

අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උතුර දකුණ යා කරමින් රටපුරා ශිෂ්‍යභට බළකාය ප්‍රචලිත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටි රාජ්‍ය අමාත්‍යවරයා ශිෂ්‍ය භටයින්ගේ භාෂා  හැකියාවන්, ‌පෞරුෂත්ව පුහුණුව සහ විනය ඇතුළු කාරණා වැඩිදියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස අවධාරණය කළේය.

සේවයෙහි නියුතුව සිටියදී ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ ලෙස පත් වූ පළමු නිත්‍ය නිලධාරියා ද  බ්‍රිගේඩියර් ෆොන්සේකා වේ.
      
මෙම අවස්ථාව සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සහ බ්‍රිගේඩියර් ෆොන්සේකා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.