ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නියාමන බලතල සහිතව
තවදුරටත් ශක්තිමත් කෙරේ - ආරක්‍ෂක ලේකම්

ජනවාරී 26, 2023
  • ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ 12 වැනි වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ආරක්‍ෂක ලේකම්
  • ආර්ථික බාධාවන් නිසා තිරසාර සංවර්ධනය නොසලකා හැරිය නොහැක
  • නායයෑම්වලින් සිදුවන හානිය අවම කිරීම ප්‍රධාන සාමූහික අභියෝගයක්

යෝජිත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත බලාත්මක කිරීමත් සමඟ ඉදිරි වර්ෂයේදී ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ තවදුරටත් නියාමන බලතල සහිතව ශක්තිමත් කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.

ජෙනරල් ගුණරත්න මෙම අදහස් පල කලේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (ජනවාරි 26) ‘ආර්ථික අභියෝග මධ්‍යයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ගොඩනැගීම' යන තේමාව යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සංවිධානය කරන ලද 12 වැනි වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් පැවැති රැස්වීමක් අමතමිනි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ‍ජෙනරාල් ඉංජිනේරු (ආචාර්ය) ආසිරි කරුණාවර්ධන මහතා වාර්ෂික සම්මන්ත්‍රණය ආරම්භයේදී පිළිගැනීමේ කතාව පවත්වන ලදි.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත Yamada Tetsuya මහතා විසින් ආරාධිත දේශනය පැවැත්වූ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් සැසියේදී ප්‍රධාන දේශනය පවත්වන ලදි.

ආපදා කළමනාකරණය යනු රටක තිරසාර සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර එය ආර්ථික බාධාවන් නිසා නොසලකා හැරිය නොහැකිය. ඒ අනුව ‘ආර්ථික අභියෝග මධ්‍යයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ගොඩනැගීම' යන ඉතා කාලෝචිත තේමාව යටතේ පර්යේෂණ සොයාගැනීම් ඉදිරිපත් කිරීමට සහ ඵල නෙලා ගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්‍ෂණික කාර්ය මණ්ඩලයට අවස්ථාවක් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ හි කළමණාකරන මණ්ඩලයේ සභාපති ද වන ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

මානව සංහතියට හා යටිතල පහසුකම්වලට සිදුවන හානිවලින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ නායයෑම් යටතේ බවත්, අද රටේ පවතින ආර්ථික හා සමාජීය තත්ත්වය මධ්‍යයේ ස්වාභාවික විපත්වලින්, විශේෂයෙන්ම නායයෑම්වලින් සිදුවන හානි හා පාඩු අවම කිරීම අපගේ ප්‍රධාන සහ සාමූහික අභියෝගයක් වන බව සහ නායයෑම් හී වැඩිවීම සහ විපතට පත් ජනගහනයේ අවදානම රටේ බරපතල ගැටළු බව අවධාරණය කරමින් ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදි අවධාරණය කළේය.

ආර්ථිකයට සහ දළ දේශීය නිෂ්පාදිතයට සෘණාත්මක බලපෑමක් ඇති කරන නායයෑම් සහ බෑවුම් කඩා වැටීම්වලට ලක්වන ප්‍රදේශ කිහිපයක් පිළිබඳව සඳහන් කරමින් ඔහු පැවසූවේ ‘නායයෑම් ඉහළ යෑම තුලින් පීඩාවට පත්වන වැඩි පිරිස දුප්පත්ම ජනතාව වන' බවයි.

ආපදා අවදානම් අවම කිරීම සඳහා වන Sendai Framework for Disaster Risk Reduction, එනම්, ආපදා අවදානම් අවම කිරීම සඳහා මඟපෙන්වීමට සකස් කරන ලද ජාත්‍යන්තර රාමුව සහ නව ප්‍රවේශයන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සඳහන් කල ආරක්‍ෂක ලේකම්වරයා, ආයතන තුළ සහ ඉන් පිටත සිදුකරන ක්‍රියාකාරකම් තුළින් ආයතන සමඟ වැඩ කිරීමෙන් අවදානම අවම කිරීමට සහ සමගිය සහතික කිරීමට නම් අපගේ ප්‍රවේශයන් සමඟ එක්වන ලෙස ඉල්ලා සිටියේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ අනෙකුත් ජාත්‍යන්තර සහ ජාතික හවුල්කරුවන් අතර අධ්‍යයන, පර්යේෂණ මධ්‍යස්ථාන, අනතුරු ඇඟවීම් උත්පාදනය, මානව ජනාවාස සංවර්ධනය සහ භූ තාක්‍ෂණික ප්‍රවේශයන් තුලින් නායයෑම් අවම කිරීම තුළින් ඵයට ඔරොත්තු දීමේ හැකියාව ලබා ගැනීමේ මාවත නිර්මාණය කරන බව ඔහු පැවසීය.

වසර ගණනාවක් පුරා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ආපදා කළමනාකරණයේ විවිධ ක්ෂේත්‍රයන් හරහා සිය තාක්‍ෂණික හැකියාවන් පුළුල් කර විවිධාංගීකරණය කර ඇති අතර තිරසාර සංවර්ධනය සඳහා රජයේ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ තාක්‍ෂණික උපදේශන ලබා දී ඇති බව ඔහු පැවසීය. දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය මෙන්ම නායයෑම් බහුල කඩුගන්නාව සහ නල්ලතන්නිය වැනි ස්ථාන සැකසීම සඳහා රාජ්‍ය ආයතනවලට කාලෝචිත තීරණ කෙටි කාලයක් තුළ ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සහතික කර ඇති බව ද ඔහු පැවසීය.

මෙම විද්‍යාත්මක සංසදයේ පර්යේෂණ ප්‍රතිඵල ආපදා අවදානම අවම කිරීම සඳහා නිසැකවම දායක වනු ඇති බවත්, ආපදාවෙන් තොර ආරක්‍ෂිත පරිසරයක් ගොඩනැගීම තවදුරටත් සිහිනයක් නොවනු ඇති බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් මෙම අවස්ථාව වෙනුවෙන් නිකුත් කරන ලද පණිවිඩයක් මගින් ප්‍රකාශ කර සිටින ලදි.

මෙම උත්සවයේදී SABO ව්‍යාපෘති අත්පොත් දියත් කිරීම, ශ්‍රී ලංකාවේ රසායනික ව්‍යසනයන් ක්‍රමානුකූලව තක්සේරු කිරීම පිළිබඳ අත්පොත, ශ්‍රී ලංකාවේ නාගරික වායු ගුණාත්මකභාවය පිළිබඳ වාර්ෂික වාර්තාව 2022 සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත පිරිනමන ලද පේටන්ට් බලපත්‍රය පිළිබඳ වීඩියෝ ඉදිරිපත් කිරීමක් සහ Salford විශ්ව විද්‍යාල සහයෝගීතාවයෙන් කළුතර දිස්ත්‍රික්කය සඳහා සංවර්ධනය කරන ලද නායයෑම් අවම වූ ස්ථාන සහ ජීව විද්‍යාගාර පද්ධතිය පිළිබඳ දත්ත ගබඩාවක්ද ඵළි දැක්විනි.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සදහා ආරක්‍ෂක ලේකම්වරයා විසින් මහාචාර්ය අබේරත්න වෙත සමරු තිළිණයක් පිළිගැන්වු අතර ශ්‍රී ලංකාවේ රසායනික ආපදා අවදානම පිළිබඳ ක්‍රමානුකූල තක්සේරුව පිළිබඳ අත්පොතෙහි පිටපතක් සහ සමරු තිළිණයක් ද ආරක්‍ෂක ලේකම්වරයා වෙත පිළිගැන්වීය.

ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ නියෝජිතයින්, අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයින් සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානයන් හි නියෝජිතයින්, වෘත්තීය ආයතන සහ ආරාධිතයින්, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, කාලගුණ දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.