ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතන කාර්ය මණ්ඩලය සඳහා
නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ වැඩසටහනක්

පෙබරවාරි 23, 2023

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයින් හට නායකත්ව ගුණාංග ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය වන අපේක්‍ෂිත දැනුම ලබාදීම සඳහා නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ වැඩසටහනක් (පෙබ. 17) වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම් බී බී නලින් හේරත් ආර්එස්පී විසින් පවත්වන ලදී. ඔහුගේ දේශනය අතරතුර, චරිතය, කැපවීම, ධෛර්යය, විශ්වාසය සහ සන්නිවේදනය යන ප්‍රධාන නායකත්ව ලක්‍ෂණ පහක් ඵලදායි නායකත්වයේ පදනම ලෙස සැලකෙන බව ඔහු අවධාරණය කළේය.