ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරමේ ඉදිකරන ලද නව ජැටිය විවෘත කෙරේ

පෙබරවාරි 26, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම, වෙඩිතලතිව් නාවික හමුදා කඳවුරේ නාවික මෙහෙයුම් කාර්යක්‍ෂමතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා නව ජැටියක් ඉදිකර එය අද (පෙබ 26) විවෘත කරන ලදි.

වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියා වළක්වමින් මුර සංචාරයේ යෙදෙන කුඩා යාත්‍රා නැංගුරම් ලා තැබීමට ආරක්‍ෂිත නැංගුරම් පොළක් ලෙස මෙම පහසුකම ඉදි කල බව නාවික හමුදාව පවසයි.

මෙම අවස්ථාවට උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ බුවනෙක නෞකාවේ නාවිකයින් පිරිසක් එක්ව සිටියහ.