2023 ගුවන් හමුදා පාපැදි සවාරිය, දෙවන දිනයට පිවිසෙයි

මාර්තු 03, 2023

වාර්ෂිකව පවත්වනු ලබන, ගුවන් හමුදා පාපැදි සවාරිය බදාදා (මාර්තු 03) උදෑසන කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ආරම්භක සංඥාවෙන් අනතුරුව ආරම්භ විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව 24 වැනි වරටත් මෙම තරගය පැවැත්වේ.

ඉන්දීය ගුවන් හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළුව දෙස් විදෙස් පාපැදිකරුවන් 150කට අධික පිරිසක් මෙම තරගයට ඉදිරිපත්ව සිටින බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි. පිරිමි තරගයේ තෙවැනි සහ අවසන් වටය සෙනසුරාදා (මාර්තු 4) අනුරාධපුරයෙන් අවසන් වීමට නියමිත බවද එහි සඳහන් වේ.

මේ අතර කාන්තා තරගය සෙනසුරාදා (මාර්තු 4) හබරණින් ආරම්භ වී එදිනම අනුරාධපුරයෙන් අවසන් වීමට නියමිත අතර එය ආසන්න වශයෙන් කිලෝමීටර් 88 ක දුරක් ආවරණය කරයි. අවසන් සම්මාන උළෙල සෙනසුරාදා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වෙන බව එහි සඳහන්.

මෙම තරගය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරෙන බවද ගුවන් හමුදාව පවසා සිටි.