සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයෙහි උප කුලපති සහ අධ්‍යක්ෂවරුන්ගේ 460 වැනි කමිටු රැස්වීම පවත්වයි

මාර්තු 05, 2023

සූරියවැව පිහිටි ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ  දක්ෂිණ මණ්ඩපයෙහි දී උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ 460 වැනි කමිටු රැස්වීම ඊයේ (මාර්තු 04) පැවැත්විණි.

ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පීඨයන්හි  උපකුලපතිවරුන් සහ ආචාර්යවරුන් 19 දෙනෙකු පැමිණ සිටි අතර  දක්ෂිණ මණ්ඩපයේ  මණ්ඩපාධිපති මේජර් ජෙනරල් රොබින් ජයසූරිය ඔවුන්ව  ඉතා උණුසුම් අයුරින්   පිළිගත් බව  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලිය  ආරංචි මාර්ග පවසයි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සම්බන්ධ කරුණු සාකච්ඡා කළ බව  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය  ප්‍රකාශ කළේය. සාකච්ඡාව අතරතුර, දක්ෂිණ මණ්ඩපය තුළ භාවිතා කරන  විධිමත් යාන්ත්‍රනය පිළිබද  මණ්ඩපාධිපති විසින් පැමිණි සිටි සාමාජිකයින්ව දැනුවත් කර ඇත.

උපාධි අපේක්ෂකයින් හට  අධ්‍යාපන කටයුතුකර ගැනීමට හිතකර වාතාවරණයක් සැලසීම වෙනුවෙන් විශ්වවිද්‍යාල තුළ මත්ද්‍රව්‍යවලින් තොර පරිසරයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අවධාරණය  කළ බව ද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය   පැවසීය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ මණ්ඩපාධිපති විසින් සහභාගී වූ සියලුම දෙනාට සමරු තිළිණ ප්‍රදානය කළ බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  සුජීව අමරසේන – රුහුණු විශ්වවිද්‍යාලය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච් ඩී කරුණාරත්න - කොළඹ විශ්වවිද්‍යාලය, මහාචාර්ය ඩී එම් ළමාවංශ - පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ආචාර්ය  එස් එම් සී යූ පී සුබසිංහ - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා - කැලණිය විශ්වවිද්‍යාලය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය. එන් ඩී ගුණවර්ධන - මොරටුව විශ්වවිද්‍යාලය, මහාචාර්ය පී එම් සී තිලකරත්න - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, මහාචාර්ය වී කනගසිංහම් - නැගෙනහිර විශ්වවිද්‍යාලය, මහාචාර්ය. ඒ රමීස් - අග්නිදිග විශ්ව විද්‍යාලය, මහාචාර්ය ජී ඒ එස් ගිනිගද්දර මිය - රජරට විශ්ව විද්‍යාලය, මහාචාර්ය උදය රත්නායක – සබරගමුව විශ්වවිද්‍යාලය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ – වයඹ විශ්වවිද්‍යාලය, මහාචාර්ය ජේ එල් රත්නසේකර - ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර් පී මහලියනාආරච්චි -සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, මහාචාර්ය ආර් ඩබ්ලිව් සෙනෙවිරත්න - ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, මහාචාර්ය ටී මංගලේශ්වරන් - වවුනියාව විශ්ව විද්‍යාලය, මේජර් ජෙනරල් මිලින්ද පීරිස් -  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා - වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, මහාචාර්ය වසන්ත රත්නායක - ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා - ශ්‍රී පාලී මණ්ඩපය සහ මහාචාර්ය චන්ද්‍රවතානි ජී දේවදාසන් - ත්‍රිකුණාමලය මණ්ඩපය නැගෙනහිර විශ්ව විද්‍යාලය ද මෙම   රැස්වීමට සහභාගි වූහ.

Sinhala.