යාපනයේ යුද හමුදා සාමාජිකයින් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ
දැනුවත් කිරීමේ වැඩසටහනක්

මාර්තු 24, 2023

යාපනයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (මාර්තු 19) පැවැත්විණි. යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවැත්වූ මෙම වැඩසටහනේදී ‘මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය වලින් වැළකීම’ යන මැයින් දේශනයක් පැවැත්වූ බව යුද හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොටගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 27 දෙනෙකු සහ සෙසුනිලයින් 300 දෙනෙකු සහභාගී වූ අතර, පොලිස් නිලධාරීන් විසින් දේශන පවත්වන ලදි.

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ උපදෙස් මත නිලධාරීන් 29 දෙනෙකු සහ සෙසු නිලයින් 410 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තවත් දේශනයක් පසු දින (මාර්තු 20) 55 වන පාබල සේනාංක පරිශ්‍රයේ දී පැවැත්වූ බව ද එහි සඳහන් වේ.