ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවේ

මාර්තු 28, 2023
  • ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ආරක්‍ෂක සබඳතා තවදුරටත් වර්ධනයට

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මාර්තු 28) කොළඹ 07, විද්‍යා මාවතේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.

කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් සමඟ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි ඕස්ට්‍රේලියානු නියෝජිතයා රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගිතාවය හා ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳව මෙහිදී ඔවුන් සුහද සාකච්ඡාවක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් මහ කොමසාරිස්තුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානාරච්චි මහතා සහ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.