නැමීබියානු ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

අප්‍රේල් 20, 2023

නවදිල්ලි නුවර පිහිටි නැමීබියා ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් ටයිටස් සයිමන් අද (අප්‍රේල් 20) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ හි පිහිටි ආරක්ෂක මූලස්ථානයේදී ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ආරක්ෂක උපදේශකවරයා ජෙනරල් ගුණරත්න විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

සිය සේවා කාලය අවසන් කර නික්ම යාමට නියමිත නැමීබියානු ආරක්ෂක උපදේශකවරයා  සිය ධූර කාලය තුල ශ්‍රී ලංකාවෙ ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් ඔහු වෙත දැක්වූ සහයෝගීතාව වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා වෙත සිය කෘතඥතාව පළ කළේය.

මේ අතර, දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ලබාදුන් සහයෝගීතාව සඳහා නික්මයන ආරක්ෂක උපදේශකවරයා වෙත ආරක්ෂක ලේකම්වරයා සිය ප්‍රශංසා පළ කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ නික්මයන ආරක්ෂක උපදේශකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා  නිලධාරී බ්‍ර්ගේඩියර් ධම්මික වෙලගෙදර ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.