රණවිරු සැමැරුම් කොඩිය ආරක්‍ෂක ලේකම්වරයාට පළඳවයි

මැයි 04, 2023

රණවිරු සැමැරුම් කොඩිය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත ඊයේ (මැයි 03) පළඳවන ලදි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්යාලය වෙත පැමිණි රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ප්‍රමුඛ නියෝජිත පිරිස ආරක්‍ෂක ලේකම්වරයා හමුවි එතුමා වෙත මෙම රණවිරු සැමැරුම් කොඩිය පළදවන ලදි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), බ්‍රිගේඩියර් රොෂාන් තිරිමාන්න, ලුතිනන් කර්නල් රක්ෂිත ලියනගේ, මේජර් අනෝජ් ද සිල්වා ඇතුළු රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.