බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුනි 22, 2023

බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ෆයිසුර් රහ්මාන් අද (ජුනි 22) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ජෙනරල් ගුණරත්න විසින් මේජර් ජෙනරල් රහ්මාන් වෙත උණුසුම් පිළිගැනීමක් ලබා දුන් අතර පසුව සුහද කතාබහක ද නිරත විය.

එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර ද සහභාගී විය.