නික්ම යන පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුලි 06, 2023

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් සිය ධූරයේ රාජකාරී නිමාවෙන් අනතුරුව අද දින (ජූලි 06) ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

ශ්‍රී ලංකාවේ වසර තුනක දීර්ඝ ධුර කාලය තුළ පාකිස්ථාන ආරක්‍ෂක උපදේශකවරයා ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව සමඟ පැවැත්වූ විශිෂ්ඨ ආරක්‍ෂක රාජතාන්ත්‍රික සබඳතා මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක්විය.

දෙරට අතර පැවතුන දීර්ඝ කාලීන මිත්‍රත්වය සහ අවශ්‍ය අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාව වෙත ලබාදුන් සහයෝගීතා ක්‍රියාමාර්ග පිළිබඳව ද ජෙනරල් ගුණරත්න මෙහිදී සිහිපත් කළේය.
 
සිය ධූර කාලය තුල ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් තමන් වෙත ලැබුණු අඛණ්ඩ සහයෝගය පිළිබඳව කර්නල් ඛාන් සිය කෘතඥතාව ජෙනරල් ගුණරත්න වෙත පළ කළේය.
 
මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගනිමින් ආරක්‍ෂක ලේකම්වරයා නික්ම යන පාකිස්තාන ආරක්‍ෂක උපදේශකවරයාගේ සියලු ඉදිරි කටයුතු සඳහා උණුසුම් සුබ පැතුම් පළ කළේය.
 
මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර  ද සහභාගි විය.