ඔස්ටින් ප්‍රනාන්දු ජාතික ආරක්‍ෂක විද්‍යාලීය විද්‍යාර්ථින් අමතයි

අගෝස්තු 14, 2023

ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් ත්‍රිවිධ හමුදා සහ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ  පාඨමාලා හදාරන විද්‍යාර්ථින් හට භූ දේශපාලනය සහ උපාය මාර්ග පිළිබඳ වැදගත් දේශනයක් පසුගියදා පවත්වන ලදි.

රටේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වන ඔහු රාජ්‍ය සහ පරිපාලන ක්ෂේත්‍රයේ විවිධ තනතුරුවල නියැලී සිටි අතර,  රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ අත්දැකීම් සම්භාරයක් ඇති අයෙකු වන බව ජාතික ආරක්‍ෂක විද්‍යාලීය ආරංචි මාර්ග පවසයි.

ඔස්ටින් ප්‍රනාන්දු මහතා 2002-2003 කාලයේ ආරක්‍ෂක ලේකම්වරයා විය.