ගුවන් හමුදාවට අයත් පුහුණු කිරීම සඳහා භාවිතා කරන ගුවන් යානයක් අනතුරට

දෙසැම්බර් 15, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට  අයත් පුහුණු කිරීම සඳහා භාවිතා කරන ගුවන් යානයක් අද (දෙසැම්බර් 15) කන්තලේ, සුරියපුර ප්‍රදේශයේ පිහිටි වගුරුබිමකට කඩා වැටී තිබේ.

‘PT6’ වර්ගයට අයත් මෙම යානය සවස්වරුවේ   පුහුණු මෙහෙයුමක්  සඳහා චීනවරාය කඳවුරේ  සිට පිටත් ව ගොස්  ඇති අතර  පුහුණුව අතරතුර යානය කඩා වැටී ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

පුහුණුව ලබමින් සිටින  ගුවන් නියමුවෙකු මෙලෙස අනතුරින් මියගොස් ඇති බව ගුවන් හමුදාව තහවුරු කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වනවිටත් සිය කණ්ඩායම් යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.