යුද හමුදා භටපිරිස් යාපනයේ සක්කෝට්ටේ වෙරළ තීරය පිරිසිදු කරයි

සැප්තැම්බර් 04, 2023

යාපනය ආරක්‍ෂක සේනාව යටතේ රාජකාරි නියුතු යුද හමුදා භටපිරිස් වෙරළ සංරක්ෂණය කිරීමේ අරමුණින් යාපනයේ සක්කොටේ වෙරළ තීරය පසුගියදා පිරිසිදු කරන ලදී.

52 වන පාබල සේනාංකයේ 521 පාබල බලසේනාවේ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ප්‍රදේශයේ අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සිදු කරන ලද බව යුද හමුදා මාධ්‍ය සදහන් කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස්, පේදුරුතුඩුව පොලිසිය සහ ප්‍රාදේශීය සභාව විසින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.