කටාන විශ්‍රාමික රණවිරු නිවාසයේ යුධ විරුවන්ගේ සුබසාධනය පිළිබඳ
රාජ්‍ය අමාත්‍යවරයා සොයා බලයි

ඔක්තෝම්බර් 06, 2023

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (ඔක් 05) කටාන, බෝලගල පිහිටි විශ්‍රාමික යුධ විරුවන්ගේ නිවහන වෙත පැමිණියේය.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති, මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් ඊයේ සවස විශ්‍රාමික රණවිරු නිවහන වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයාව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

විශ්‍රාමික හමුදා සාමාජිකයින්ගේ නිවහනක් ලෙස වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වන විශ්‍රාමික රණවිරු නිවහන වෙත රාජ්‍ය අමාත්‍යවරයා සිදුකල පළමු සංචාරය මෙය විය. මෙම සංචාරයේදී රාජ්‍ය අමාත්‍යවරයා නිවාසයේ සිටින ප්‍රවීණයන්ගේ සුවදුක් විමසමින් ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත විය.

මෙම සංචාරයේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් විශ්‍රාමික රණවිරුවන්ගේ සෞඛ්‍ය සේවා සහ නවාතැන් පහසුකම් සංවර්ධනය කිරීම හා සුබසාධනය සඳහා ඉදිරි ආයෝජන සැලසුම පිළිබඳව ද ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළේය.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික), විශ්‍රාමික රණවිරු නිවාස කමිටුවේ සභාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික), විශ්‍රාමික රණවිරු නිවාසයේ නේවාසික කළමනාකරු මේජර් ඉලංග රාජපක්‍ෂ (විශ්‍රාමික) සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.