‘USNS Brunswick’ නෞකාව කොළඹට ළඟා වේ

ඔක්තෝම්බර් 12, 2023

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USNS Brunswick’ නෞකාව ඊයේ (ඔක්. 11) දින කොළඹ වරායට සේන්දු විය.

මීටර් 103ක දිගකින් සමන්විත ස්පියර්හෙඩ් පන්තියේ වේග ප්‍රවාහන ගවේෂණාත්මක නෞකාවේ කාර්ය මණ්ඩලය 24 දෙනෙකුගෙන් සමන්විත වේ. එය ඉරිදා (ඔක් 15) දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.