ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩකයන් හට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සුබාශිංසන

ඔක්තෝම්බර් 13, 2023

නුදුරේදී චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩා කණ්ඩායම අද (ඔක්. 13) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයට පැමිණි මොහොතේදී ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත වූ අතර, මෙම තරඟාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අවශ්‍ය කරන පහසුකම් පිළිබඳව සොයා බැලීමක් ද සිදු කරන ලදි.

තවද මෙම ක්‍රීඩා උළෙලේදී ඔවුන්ගේ දක්‍ෂතාවය, හැකියාව සහ අධිෂ්ඨානය විශිෂ්ඨ අයුරින් ප්‍රදර්ශනය කිරීමටත් තම මව්බිම වෙත කීර්තිය අත්කර දීමටත් සියලු ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවායි මෙහිදී රාජ්‍යය අමාත්‍ය වරයා පැමිණ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුබාශිංසන එක් කළේය.